තාවකාලික නවා නැත මෙය

තාවකාලික පෙම් උපද වන

ඉන්න තැනවත් උරුම නැත මට

තාවකාලික දිවිය ගෙවමින

 

ගෙවල් දොරවල් යාන වාහන

අපට හිමි නැත සෑමදාටම

ඉන්න හැකි නම් සතුටකින් අද

එයයි හෙට දින සතුට ගෙන එන

 

සතුටු කල සිත දුකට යන්නේ

ඇල්ම ගැල්මෙන් සමාජයටම

යන්න හැකි නම් දුරක මේ සිත

යන්න යන්නම් දමා පෙර දින

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

උපන් දිනයකි අයට අද දින

පාළු දිනයකි මෙමා හට අද

සුභ පැතුව මට ලැබුන පිලිතුර

ඉල්ලුවේ ඇය දික්කසාදය

 

උපවාසයකි මම කෙරුවේ අද දින

අපේ ජීවිත එක්ව ඉන්නට

ඇයට නොවුවද එලෙස අද දින

සදා කල් මම ඇයට පෙම් බැඳ

 

හිත හදා ගන්නට මෙමට අද

ඉතිරි වුයේ තෙලි තුඩක්මය

ලීව ගී අද මෙන්ම මේ පෙම

සසර ගෙවුනත් සදාකාලය

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

ව්‍යාපාරය අන්ධකාරය

එළිය වුයේ මුදල් පමණය

ලාබ වූයේ මිතුරුකම මය

අලාබයමයි ආවේ පසු පස

 

කෑම සැදුවත් සෑමඳා අප

කෑම කෑවේ බීම සමගය

සුරා සැල නොව අවන්හල මෙය

ලාබ ආවේ බීම සමගය

 

මුදල් පොතකින් ගණන් හැදුවද

ගණන් කෙරුවත් මුදල් හැම දින

බැංකු පොතකට නැහැනේ ඉතිරිව

පාඩුවද මගේ සොදුරු මිතුදම

 ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

When I first heard about Daskon's story, I didn't get the full picture of it.

තිසා වැව ලග තනිව ඉන්නනම්

මගේ තනිකම මකා ගන්නනම්

වැවේ දිය රැලි කතා කරමුත්

නොතේරෙන වැව් ඉවුර මා වෙමි

 

වැවේ දිය කඳ සුළඟ සමඟින්

එක්ව දියරැලි සදයි නිරතුරු

වැව් ඉවුර නෑ කවමදාකත්

වැවේ දිය හා උරන වූයේ

 

වැව් දියකි අද ඔබත් මාහට

පෙමින් බැඳි සිත හොඳට රිදවන

වැව් ඉවුර සේ මා ද ඉවසමි

අපේ පෙම් වැව නිසල වන තුරු

 

පෙරද මේ ලෙස සුලං තිබුනා

ඒත් ඔබ නිසලවම සිටියා

ඇයි ද මිහිරියේ මේ සුළං අද

අපේ පෙම් වැව කළඔවන්නේ

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

පන මගේ මිහිරි ඔයා

මිහිරි මගේ පන ඔයා

ජීවිතේ තිබෙන තුරා

ඔබටයි ආදරේ සදා

 

සිහිනෙන් ඔබ එනවා

ආදරේ පවසනවා

කාලය ගත වෙනවා

ඔබ මට හිමි වෙනවා

 

සංසාරයේ පතනා

පැතුමන් ඉටු වෙනවා

අප අද එක් වෙනවා

මිහිරිය මගේ වෙනවා

 

සතුටින් අප හිදිනා

කාලය එළබෙනවා

එතකන් අපි දෙන්නා

ඉවසමු දුක පරදා

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

Himi nethi unath oya as mage wenawa nam,
Sasarama unath innam oya as balan
Sansaara Gamane Kohe hari pera maga balan
Mama innawa ena kan oya as soyan.

Ida Hita Avith Duwath Oya Muthu Nuwan
Deka Ganna Pin Madi Wedoo Sadahata Ithin
Aithiyak Kumakata Do mata Dekiya Heki nam
Kawadaaka Ho Apa Wen Wena Bawa Denan

Diviya Athi Thek Sathutin Dekiya Heki Nam
Hadawannepa Kawadath Oya Nil Nuwan
Hada Kone Athi Aadarayaka Sathutak Soyan
Duk Denne Ne Kawadaa wath Man Ithin

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

Dumriya gam dorin aawath raththaran

Aalaya maa sithin kaalaya hera gihin

Jeewana nimnaye.. Premaya yali aran

Enawa nam ithin senasemi raththaran

 

Sath wasarak pura Oba maa hera gihin

Oba hada nimnaye maa pema samu aran

Wenvee Yannata neethinuth waram

Ai oba illuwe maa netha samu aran

 

Maa sitha aadare kaalaya wedi kale

Oba men nowa priye maa pema meruwe

Dennata awasare wen wennata priye

Sith thawa netha mage oba hera miyagiye

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

Dumriya gam dorin aawath raththaran

Aalaya maa sithin kaalaya hera gihin

Jeewana nimnaye.. Premaya yali aran

Enawa nam ithin senasemi raththaran

 

Sath wasarak pura Oba maa hera gihin

Oba hada nimnaye maa pema samu aran

Wenvee Yannata neethinuth waram

Ai oba illuwe maa netha samu aran

 

Maa sitha aadare kaalaya wedi kale

Oba men nowa priye maa pema meruwe

Dennata awasare wen wennata priye

Sith thawa netha mage oba hera miyagiye

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

එක හිතකින් ඉන්නට බැරි ඇයි මිහිරි

පිළිගන්නට බැරි ඇයි මගේ පෙම මිහිරි

පලිගන්නට හදන්නේ ඔබ ඇයි මිහිරි

පරාජයක් පිළිගන්නට වූවද මිහිරි

 

අපි දෙන්නම හැමදා එහෙමයි මිහිරි

මේ තරගෙන් දෙන්නම පැරදුනා මිහිරි

එක් වී ඉන්නට හැකිනම් මේ දිවි ගමනේ

අපි දෙන්නම දිනනවා මේ තරගෙන් මිහිරි

 

අපි දෙන්නව පරද්දන්න කාටවත්ම බෑ මිහිරි

එක්ව සටන් කරනෙමු ලෝකෙට එරහිව මිහිරි

ඔයා තමයි මේ තරගයේ තීරක මිහිරි

දිනුම තමයි අපි යළි එක් වෙන එක මිහිරි

 

අතීතයේ ඌවත් දුක්බර ගැටළු

අපිට හැකිය ඒ හැම විසදාගන්න

මටත් හැකිය සැමදා ඔබ සෙවනෙහි ඉන්න

කරනු මැනවි අනුකම්පා හැකි නම් මා පෙමට

 

ලොවෙන් කොහොම කීවත් අප ගැන වැරදී

ඉන්න හැකිය අපි දෙන්නට සතුටින් මිහිරි

ඔබයි මගේ ජීවිතයම හැමදාමත් මිහිරි

දෙන්න එපා ඔබ අත වෙන කෙනෙකුට මිහිරි

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

අළුයම් රෑ මා අවදිවෙලා

නිදි නොඑනා ඔබේ රුව මෙවෙනා

වසන්තයේ මල් පරවෙනවා

ඔබ යළි එනතුරු මා හඩනා

 

රුව මැවිලා ඔබ සිත තුල මා

තනි නැතුවා ඒ ඔබ හිංදා

මියෙන තුරා මම උන්නා

ඔබ හන්දා මට දුක නැතුවා

 

ආදර මල් සැම දා පිපියන්

ජීවන පෙම් ගංගා ගලපන්

මීවිතකින් මන මත් කරපන්

ඔබ ඇවිදින් මා සනසවපන්

 

සොදුරු සිතුම් යලි දිග හැරපන්

මතක අරං මැවිලා පෙනියන්

රෑ සිහිනෙන් මා ලග හිදපන්

ඒ හීනෙන් මා අවදි නො‌වෙම්

 

ඔබට දුරින් නෑ අද ලඟ මං

කිමද කියන් තනිවම සරදම්

පෙමට හොරෙන් ආලය මනරම්

ඔබට පෙමින් බැදුනේ ඇයි මං

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

වසර ගණන් පෙම් බැදි ඔය රූ

සසර පුරා සිත් ඇදි ඔය රූ

දිවිය පුරා පැතුවම ඔය රූ

සැගවී යන්නේ ඇයි මියුරු

 

සුන්දර ඔබ හිත ඉල්ලුවට

මගේ සිත තාමත් ඔබ ලගය

එන්නෙම නැති නම් මා ගලට

මම එන්නම් ඔබ හඳ ලගට

 

සුසුම් පිරී එයි මතකයට

ඔබ රුව සම වෙයි රෑ සදට

කළුවර වූවත් රෑ අහස

මගේ සිත කළුවර නෑ ඔබට

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

අහන්බෙන්ම හමු උනා අපි

ලංවෙලා පෙම්වත් උනා අපි

ආදරෙන් උන්නා වෙලී

කාලයෙන් වෙන් කළා අපි

 

ජීවිතේ යළි දුකින් පිරි

ලෝකයාගෙන් සැඟ උනා යලි

එක්ව ඉන්නට පැතුමං පිරී

කාලයෙන් සරදම් උනී

 

වසර ගණන් ගෙවිලා ගිහින්

අපිත් අපෙන් දුර ගොඩ ගිහින්

දුරකථනින් අමතා සෙමින්

හැරයන්නට ඉල්ලුවා ඉඩ නීතියෙන්

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

ලෝකයාගේ හිත හඳන්න

මට මනමාලියෝ බලන්න

නොගිය තැනක් නෑ

පෙම් කල ඇය සමඟ ඉන්න

අපේ ලෝකේ හදාගන්න

ඉඩ දුන්නෙත් නෑ

 

හැඩ රුව හා සම්පත් ඇති

කී දෙනෙක්ව මං දුටුවද

හිත රැවටෙන් නෑ

ඔබ වාගේ තවත් කෙනෙක්

ආත්මෙටම හුමු‌වෙන්නේ නෑ

එහි සැකයක් නෑ

 

ලෝකයාගේ හිත හඳන්න...

 

ඔහු අතගෙන ඔබ යද්දි

හිත රිදෙනවා සත්තකින්ම

ඔබ නම් දන් නෑ

මනමාලියෝ තව හොයනවා

ලෝකේ නම් අකමැත්තක් නෑ

මට හරි යන් නෑ

 

ලෝකයාගේ හිත හඳන්න...

 ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

නොකා නොබීම ඉන්නම් මා ඔබ එනවා නම් සදා

හිතේ තියන දුක කියා දෙන්නම් ඔබට තුරුල් වෙලා

කුමරියේ එන්න මා සොයලා

කුමරියේ එන්න පියා සලා

 

ජීවිතය කියා දුන් අරුත ඔබයි

මාරුතේ හඩා වැළපුනේ ඔබට පමණයි

මිහිරියේ එන්න මා සොයලා

මිහිරියේ එන්න පියා සලා

 

සොදුරු හිතක් ඇති ඔය සුන්දර හිත

මගෙම වෙලා සැමදා

ජීවිතේ ගෙවමු අපි වසන්තයේ පිපි

සුවඳ මලින් සැරසිලා

මිහිරියේ එන්න මා සොයලා

මිහිරියේ එන්න පියා සලා

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

කුමුදිනිය ඔබයි මගේ පිපුනු හඳ විලේ

කුමුදු මල මගේ

නැගුන සඳ ඔබයි රැයේ අඳුරු විජිතයේ

සඳ එළිය වගේ සඳ කුමරි මගේ

 

අදුර මැද සැරු ඔහේ ලපටි සිත මගේ

එළිය දුටිමි නතර වී කැල්ම ඔය නෙතේ

මුළු ලෝකෙම මගේ මැයි මට දැනුනු සදේ

සිසිලයි ඔබේ සෙනේ වදන් ඇසූ ඒ දිනේ

සද එළිය වගේ සඳ කුමරි මගේ

 

මිහිර මැවු ස්නෙහයේ සුවද ඉහිරුනේ

සිටින විටදි ඔබ ලගින් සිත නිවෙයි සැනේ

දිවි දෙවනි වෙයි ලඟින් ඔබේ නිසා ඔබ ප්‍රියේ

බව බව පුරා සරමි සිතින් පතමින් ඔබේ සෙනේ

සඳ කුමරි මගේ සොදුරු විජිතයේ

 ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

තනිකමින් පාළුවෙන් ආදරෙන් උගතදෙන්

ආදරෙන් සමුඅරන් ජීවිතෙන් විදපුදෙන්

ලෝකයෙන් එන බැනුම් වේදනා ගෙනපුදෙන්

අපි අපෙන් වෙන්වෙලා දැන් ඉතින් දුර ගිහින්

 

දන්නවා සෑමදා ආදරේ ඔබේ හදේ

සිතුවේ නෑ මේලෙසින් වෙන්වෙලා ඔබ ගිහින්

ප්‍රාර්ථනා කරමි මා එන බවේ ඔබේ වෙලා

එකතු වී සතුටු වී විහගු වී දිවිගෙවී

 

දුකට නම් දෙන්නේ නෑ යළි ඉතින් මා ඉඩක්

සතුටු වී දිවි ගෙවා සෙනෙසෙමි ජීවිතේ

ඔබට නම් දෙන්නේ නෑ යළි දුකක් මිහිරියේ

ඉන්නවා ඔබ පතන් සෑමදා මා ප්‍රියේ

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

උදෑසන හිරු කිරණින් ඔබ ගත රන් වන් වෙයි මැණිකේ...

හිමිදිරි සිසිලසෙන් ඔය හිත ලස්සන වෙයි මැණිකේ...

සීතල සුළං ඔබේ සුවඳ ද අරගෙන එයි මැණිකේ...

ඔබේ ඔය ආදරෙන් මා ජීවත් වෙයි මැණිකේ...

 

ලස්සන දවස කොපමණ ලස්සන වූවත්

ඉස්සර මතක මා හද යළි පෑරූවත්

බීමත් කමට මා පෙර මෙන් හුරු වූවත්

ආලය තවම මැණිකෙට මයි හැමදාමත්

 

ජීවන ගමන පෙරලෙයි අපේ සංසාරේ

භවයෙන් භවය පසුපස එයි මේ ආලේ

නැවතිය හැකිද කල පව් මං සංසාරේ

නිවනට යන්නවත් සිත නෑ ඉඩ දෙන්නේ

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

ගසක පිපෙනා සොදුරු මල් ගොමුවේ....

නුබම පමණයි පෙනුනේ මට මිහිරේ ....

සසර ගමනේ යනෙන මේ අදුරේ ....

දිවියේ කෙළවර දන්නේ නැත සමිදේ ...

 

සොදුරු ගමනේ සිත් සොවින් තැවිලා

ඔබේ සෙනෙහස මගෙන් දැන් මිදිලා

ආදරේ යන වදනේ තේරුම

කියා දෙන්නට නැවත එනු මැන

 

ගසක පිපෙනා සොදුරු මල් ගොමුවේ....

නුබම පමණයි පෙනුනේ මට මිහිරේ ....

සසර ගමනේ යනෙන මේ අදුරේ ....

දිවියේ කෙළවර දන්නේ නැත සමිදේ ...

 

මිහිරි ඔබගේ හඳට පෙම් බැදිලා

වෙනත් හදකට ඉඩක් නම් නැතුවා

ඔබේ සෙනෙහස නැවත ලැබුමට

පිංවන්ත හිත නැවත දෙනු මැන

 

ගසක පිපෙනා සොදුරු මල් ගොමුවේ....

නුබම පමණයි පෙනුනේ මට මිහිරේ ....

සසර ගමනේ යනෙන මේ අදුරේ ....

දිවියේ කෙළවර දන්නේ නැත සමිදේ ...

 ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

සුන්දර මා මිහිරාවී, සුන්දර මා ප්‍රිය රානි //

ඔබ දුටුව දිනේ සිත පහල උනේ ආදරයම නොවෙදෝ //

 

සොදුරු සිතේ පැතුමන් මා, හිමි කෙරුවේ ඔබම තමා //

ඔය ලස්සන සිත මට දෙන්නේ කවදද මගේ සුන්දර මැණිකේ //

 

සුන්දර මා මිහිරාවී, සුන්දර මා ප්‍රිය රානි

 

ආදරයේ රස වින්දේ, ඔබ මිස නෑ මා සිහිනේ //

මගේ දිවිය අරන් මට බාර වෙයන් මගේ සුන්දර මැණිකේ //

 

සුන්දර මා මිහිරාවී, සුන්දර මා ප්‍රිය රානි //

ඔබ දුටුව දිනේ සිත පහල උනේ ආදරයම නොවෙදෝ //

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

උදෑසනින් පායා එන හිරු කිරණක් සේ සැමදා

මා ඔබ පෙම් බැදි කාලය සෑම දිනම මෝරනවා

දහවල් වන විට හිරු මෙන් ආලය අප රිද්දනවා

සැන්දෑ කාලය ආපසු ඔබ මා හැරදා යනවා

 

සංසාරේ අප මෙලෙසින් සෑම දිනම හමුවෙනවා

භවයෙන් එත රට යන්නට අප කළ පිං මදි වෙනවා

සතුටු සිතින් ඉන්නට අප හැකි හැම විට වෙහෙසෙනවා

ජීවන බාධක හමුවේ අප ඉද හිට පසු වෙනවා

 

පෙම් කළ සිත් පුරවාගෙන ඉන්නට හැකි නම් සැමදා

සෑම දාම උදෑසනක් වී ඉන්නට හැකි වෙනවා

මා ඔබ පෙම් කළ මේ සිත් නිවනට තව ලං වෙනවා

මිහිරි මගේ වෙන කම් මං දිවි ගෙවමින් පෙම් කෙරුවා

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

සමාව දෙන්න මට

ආදරේ කළ මේ හිතට

බෑ නවතා ලන්න

ඔය සුන්දර මිහිරි පෙම

 

පෙම් කළ නිසාම ඔය හඳට

දැනුනේ නෑ වෙහෙසක් මෙමට

තාමත් ඔය හිත රිදෙනවද

ජීවිතේ දුක්වී ගෙවනවද

 

අප යළි දිනකදි හමු වෙනවා

එදිනද මා පෙම මෝරනවා

සමාව දී ඔබ මගේ වෙනවා

සිහිනෙන් මෙන් අද මා දුටුවා

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

වැව් ඉවුරේ තනියම ඉන්නා විට නංගෝ

පුන් සඳ පායලා තිබුනා නු‌බේ රුව සේ නංගෝ

වැව් දිය නැහැවුනත් ඒ සඳ එළියෙන් නංගෝ

සඳ නොපෙනුනේ මට විතරද මගේ නංගෝ

 

අපට කලින් කාලය දිවගෙන යනවා

ආදර සිතුවිල්ල හැමදා මෝරනවා

උරුම උනත් පෙම් කල නුඔ ලග නැතුවා

වැවට උඩින් මගේ සඳ ඈතට යනවා

 

අතීතයේ ලැබුවත් මා අනුකම්පා

දැන් ඔබේ හදේ මට හිමි නෑ ප්‍රේම කථා

සඳ එළියටම පෙම් කල මා තනි කරලා

ඔබ යනු කිමද නංගෝ තව ඈතට විලා

 ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

දුප්පත්කමත් නූගත්කමත් උරුම නිසා

බඩගිනි දැනෙන පවුලේ අය ඇති හන්දා

තම ඇඟ විකුණලා රස්සාවක් කෙරු හන්දා

ගනිකාවක්ද ඔබ මෙලවට ණය හන්දා

 

ලස්සනකමට ආඩම්බර ඇති හන්දා

පසුපස සෑමදා කොල්ලන් එන හන්දා

පෙම්වත් හිත් එක්ක සෙල්ලම් කල හන්දා

ගනිකාවක් නොවෙද හිත් වනසන හන්දා

 

සමාජයෙන් ලැබුවත් ඔබ අනුකම්පා

කිසිවෙකු නොවෙයි ඔය හිත තේරුම් ගන්නා

කාමය සතුට මිස ඔබගෙන් වෙන කිමදා

ලස්සන නොවන ඔබ ගනිකාවක් වුවා

 

කොල්ලන් දස ගණන් රවටා ඔබ උන්නා

සමහරු අතින් ඔබ නොදැනිම වැනසූවා

එක හිත නැති නිසා ඔබ මතු තනි වූවා

එදවස එන කලට ලස්සන නැති වූවා

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

සුන්දර ඇසල සඳ බබලන අසට යට

පෙම්බර දිනෙක ඔබ මා හඳ උයන බිද

පෙම්බර මගේ පණ නල බදු මිහිරි ඔබ

වෙන්වී ගියේ තනියම දිවි ගෙවන්නද

 

සංකා සෝක තැවෙනා සිත දරා ගෙන

සංධ්‍යා වලා රත් පැහැ වන වෙලාවට

ඈතින් පෙනෙන පදවිය වැව් තලාවට

එන්නද මිහිරියේ ඉන්නා දිහාවට

 

ශ්‍රීමාබෝධියට මා යන හැම විටෙක

වැදලා ඉල්ලුවේ ඔබ පම ණයි සොදුර

ඔබ යළි ඒවි යැයි පැතුමෙන් සිත හදලා

බල බල හිටියේ මිහිරිය අද එයි කියලා

 

තෙද ඔද පතුරනා පදවිය ශ්‍රී පුරය

ඔබ ඉන්නේය තනිවම මා ප්‍රිය සොදුර

ඉර හද පවා පර දන ඔබේ රූ සිරිය

සිහි කර කරා මම ඉන්නේ එන තුරුය

 

දන්නා නමුදු හැර යන බව යම් දිනෙක

නෑ නවතන්නේ ඔබ යන මඟ කිසි විටෙක

පිසදා කදුළු මද හස නඟ මින් නිබද

ඉන්නම් මිහිරියේ ඔබේ සැප සුවය දැක

 

ශෝකය කදුළු මිහිරියේ නවතා ලන්න

රාගයේ රුදුරු කෙලෙසුන් දුරු කර ලන්න

අසරන සිතට සැනසුම සිසිලස දෙන්න

පෙම්බර හිත අරන් ඔබ යළි මෙහි එන්න

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

ලැබේ නම් ඇරයුම් ඔබෙන්

එනවා ඉන්නට මා ළඟින්

සිතේ ඇති මේ පෙම් හැඟුම්

ඔබට පමණයි රත්තරන්

 

ඉන්නවා ඔබ මට දුරින්

මගෙ සිතුම් දැන් ඔබ අරන්

සිනහවෙන් හෝ දෙන්න ඇරයුම

මග බලන් ඉන්නවනේ මං

 

සොදුරු සිතුමන් තද කරන්

ඉන්න බෑ තව රත්තරන්

එන්න විගහට දෙන්න ඇරයුම

මගේ මිස වෙන අත නොයන්

 

අපේ ප්‍රේමෙට ගිනි තියන්

තැවෙන්නේ ඇයි රත්තරන්

සුමුදු පවනේ සෙනෙහෙ රැදුනේ

අපෙ අතීතේ රත්තරන්

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

සැක කෙරුවේ නෑ කිසිදා ලදේ

සෙයුවේ අගේ මා හැම වෙලේ

සිතුවේ නෑ මා කිසිදා

ඔබ කදුලකින් ඇති කියා

මා කරන දේවල් නිසා

ඔබ තැවුනා....

සැක කෙරුවේ නෑ කිසිදා ලදේ

 

සෙයුවේ ඔබ ගැනයි ඔබ රකිනා සිත් ඇතී

දැනුනේ ඔබට මාගේ වැඩ වලින් නම් දුක් තමයි //

මා කෙරුවේ ආදරේ පියකුසේ

ඔබේ නිදහස ඒ නිසයි නැතිවුනේ

 

යන්තම් හරි මට දැනුනා නම් ඔබේ හැගුම්

තිබුනා ඉන්න පෙම් වතා වී තාමත් ඔබ ලයේ //

දෙනවානම් අවසරේ ඔබ හදේ

යළි ඉන්නම් මා ප්‍රියේ ඔය හිතේ

 

පෙහෙලා නෂා - පෙනෙනා නිසා තලයට

පදවි පරාක්‍රමපුර සදමාලි ගෙස්ට් හවුස් හි දී.

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

උදෑසනම අවදි වෙලා ඔබ එනතුරු මා සිටියා

ඔබ දන්නෑ බසයෙන් බසිනා තැන මා සිටියා

රැකියාවට ඔබ යන සැටි දුටු මා සිත් සතුටු වුනා

බාධාවක් නොවෙනා ලෙස මම ඔබේ ලගටම වී උන්නා

 

හවස් වරුව වෙනකම් මම ඔබ එයිදෝ නෙත් යොමලා

ඔබට ලඟින් උන්නා තැන ඔබ හැන්දා කළ දුටුවා

ආදරයයේ නාමෙන් මම ඔබ සැක නොකරමි කිසිදා

ඔබ දුටු සැන මා හවස් වරුවේ ඔබ පසු පස මා ආවා

 

කථා කරමි අදිටන් කර ඔබ පසු පස මා ආවා

ඔබ යන වේගය දැක මා සෙමින්  සෙමින් පිය මැන්නා

ලං වන විට ඔබ මා හා දුවනට ඔබ සැරසෙමිනා

බස් රථයක් අවිදින් යළි ඔබ මා වෙන් කර දැමුවා

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

ඔබේ රුව මම දකිනවා

ජීවිතේ යළි ලැබෙනවා

ලගින් ඉන්නට හිතෙනවා

සිහිනයක් බව දැනෙනවා

 

තනිකමින් මම ඉන්නවා

සිහින යළි යළි පෙනෙනවා

සොයා එන්නට හිතෙනවා

ඔබ බනී දෝ හැගෙනවා

 

වෙන්ව සිටියත් අද මෙමා

ඔබම පමණක් පතනවා

ගීත ඔබ වෙත ලියනවා

අවසරය යළි දෙනු මැනා

 ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

ඔබ දකින සිත් ඇති, ඒත් ඔබ ළඟ නැති

ඔබ ඉන්න බෝඩිමේ, තනිවෙලා ඔබ ඇති

සඳත් අද පායලා, වැව් ඉවුර එළි වෙලා

සඳ එළිය වැව් තලේ, මා මෙන්ම තනි වෙලා

 

ඔබ ඉන්න තැන සොයා ගතිමි අද ප්‍රිය ලදේ

නිල් පාට ගව්මකින් සැරසිලා ඔබ ගියේ

ඔබ ලගින් මා ගියත් නොදුටු මා දුක් වුනේ

කුඩය යට පෙරදාක මා පමණි ඔබ හා ගියේ

 

නගරයේ තනිව ඔබ රැකියාව වෙත ගියේ

නිවස ලඟ තිබිය මුත් බොඩිමට ඇයි ගියේ

අපේ පෙම් අතීතය ගම පුරා තිබුන දෙන්

අසල් වැසි නෑසියන් අසන දෑ නොමසිතන්

 

ජීවිතය තිබෙන තුරු ආදරය ඔබටමයි

ඔබම මිස වෙන කෙනෙක් මේ හඳේ නැතිවමයි

සඳක් මෙන් එළිය දී පායන්න මගේ ලොවේ

ගෙවමු දිවි සතුට ඇති අප දෙදෙනා ආදරෙන්

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

ගීත ලියන්නට කවි මුමුනන්ට

නිසැදසකින් ඔබේ රුව විමසන්නට

පුරුදු පුහුණු කළ මගේ මේ හඳවත

ඉවසා ඉන්නේ ඔබ ගිය විරහව

 

කාලය ගෙවිලා ආ දුර නොදැනා

දවසින් දවසට අපි දුර ඇදිලා

ජීවිත ගමනේ අපවත් නොදැනා

අප දෙදෙනා දැන් වෙනතක ඇදිලා

 

විරහව මාගේ ගීයෙන් ගයලා

ඔබට ඇසේ යැයි පෙරුමන් පුරලා

සිටියත් අද මා දස වස ගෙවිලා

ඔබ නෑ තාමත් මා වෙත ඇදිලා

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

මිතුරියකගේ වටිනා කම දැන්නේ කාට

පෙම්වතියක් හැරදා ගිය දුක් බර දාක

පෙම්වතියගේ වටිනා කම දැන්නේ කාට

අසනීපෙන් තනිවී මා සිටිනා දාක

 

මිතුරිය වූ ඔබමයි මා පෙම්වති ලූයේ

ආලය කළ ඔබමයි මා තනිකර වූයේ

කාලය හැමදා ඔබ සිත වෙනසක් කෙරුවේ

මා සිත නම් පෙරදා මෙන් ඔබ ගැන සිතුවේ

 

මිහිරිය මා මිහිරිය ඔබ කවදද එන්නේ

ඔබ එන කම් මා සිත පෙරුමන් පුරමින්නේ

මා නැති ලොව ඔබගේ ජය ඇති නම් සොදුරේ

ඉන්නම් තනිවී සැමදා ඔබගේ සෙනෙහේ

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

අමතක නොවූ මතකය අප යළි යළි සිහි වෙනවා

දිනයක පැතූ සිහිනය අප දැන් දැන් බොඳ වෙනවා

කාලය ගෙවෙන අරුමය අප හට දැන් වැටහෙනවා

දිවියේ මිහිරි සිහිනය දින දින දැන් බොඳ වෙනවා

 

කාලය කියා දුන්නත් පාඩම් දිවියේ

ආලය නිසා ලැබුනත් සරදම් සසරේ

මිහිරියේ ඔබම පමණයි සැමදා පැතුවේ

කාලය පුරා ආලයි මා හඳ සොදුරේ

 

ඉපදෙන නිසා මැරෙනා බව දැන සිටියේ

ඇරඹුම නිසා අවසානය ලංවූයේ

 ආලය නිසා සරදම් ඔබගෙන් ලැබුවේ

ප්‍රේමය කළෙමි තනිවම හෝ මා සසරේ

 ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

අයදින්නේ සමාව එක් සරයක් පමණයි මිහිරියේ

ඔබෙන් එය නොලැබේ නම් මා මියෙදෙයි සඳා

ඔබම මිස වෙන කෙනෙක් නැහැනේ මේ හදේ

එන්න එක් වෙන්න සෙනෙහසින් ආයෙත් මා ප්‍රියේ

 

ඔබෙන් ලැබූ පෙම සදා කල් මා ලයේ

නොනිමි පහන සේ දැල්වෙයි සැම දිනේ

ගතින් අප දුරස් වූවද මේ කාලයේ

සිතින් නැත කිසිදා වෙන්වන්නේ මේ භවේ

 

ඔබටම මිස වෙන කෙනෙකුට නැත අයිතියක් මා කෙරේ

මටම මිස ඔබටවත් අයිති නැති අපේ ආදරේ

රකිනු මැන මිහිරියේ දිවි ඇති තෙක් මේ භවේ

එක්ව වියමු භවේ සළුව පෙමින් අප සැම දිනේ

 

සදා ආදරෙයි ඔබට මා........

 

Ayadinne Samaawa Ek Serayak Pamanai Mihiriye

Oben Eya Nolebe Nam Maa Miyedei Sadhaa

Obama Misa Wena Kenek Nehene Me Hade

Enna Ek Wenna Senehasin Aayeth Maa Priye

 

Oben Lebu Pema Sadaa Kal Maa Laye

Nonimi Pahana Se Delwei Sema Dine

Gathin Apa Duras Uwada Me Kaalaye

Sithin Netha Kisidaa Wenwanne Me Bawe

 

Obatama Misa Wena Kenekuta Netha Aithiyak Maa Kere

Matama Misa Obatawath Aithi Nethi Ape Aadare

Rakinu Mena Mihiriye Divi Athi Thek Me Bhawe

Ekwa Viyamu Bhawe Saluwa Pemin Apa Sema Dine

 

Sadaa Aadarei Obata Maa..!

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

Mithure.. Mithure..

Obe desa dekagaththemi... Sede kaleka mithure.. Mithure..

Kellange paa pa kadata.. Thani unu maa mithure...

Thawamath atama pembeda.. Veedi sarana mithure...

Mithure...

Math mal gena diviya pura.. Uni kitiyata thaniyama yana obe diviya deka gaththemi sede kaleka mithure..

Mithure...

Deno dahak unnath thani unu maa mithure..

Mithuran yahamin athimuth

Thani unu maa mithure...

Mithure...

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

සිතින් විතරක් පෙම් කරන්නම් මා

ඔබේ සිතට මා පෙම් කරන්නම්

දැන දැනත් ඔබ මගේ නොවන බව

මියෙන තුරා මා පෙම් කරන්නම්

 

මාව හැරදා ඔයා ගිය මෙන්

යන්න බැහැ මට එලෙස සැමදා

අතීතයේ අපේ සොදුරු මතකය

මියෙන තුරා මා සිහි කරන්නම්

 

නෙතින් වැටෙන හැම කදුලක් ගානේ

බොද වී පෙනෙයි ඔබේ රුව මගේ නෙත් මානේ

දහසක් හඩ අතුරින් ඔබේ...

හඩ පමණක් රැව් දේ දෙසවන් තුලින් මගේ

 

පැතුම් පතා මා බෝ සමිදුන් සෙවනේ

පැැතුවේ ඔබයි සැමදා එක සිතින් මගේ

මතු සසරේ කවදා හෝ හමුවේවා

හමුවේවා ඔබ මා හමුවේවා....!

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

වැහි බර හිමිදියේ ඔබ රුව මා හඳ ඇදුනේ

ජීවිත හිමිදිරියේ ඔබ මා වෙත ලංවූයේ

සරනයි ඔබේ ආදරේ පැතුවේ මා හැම දිනයේ

අදුර උදා වූවත් නෑ ඔබ‌ අමතක මා සඳවතියේ

 

ඔබ වෙනුවෙන්ම පිදු හදවතේ

ජීවන ගීතය ඔබමයි ලදුනේ

ඔබේ දෑස මිස වෙන නෑ පැතුවේ

ඔබට පිදූ සිත තවමත් ඇත මගෙ හද පතුලේ

 

අරුතක් ඇති නම් මා දිවියේ

අරුත ඔබයි මා ප්‍රිය ලදුනේ

එක්ව ඉන්නට මදි උනිදෝ

මා කල පිං මේ සසරේ

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

ඔබ වෙනුවෙන් පිදු ජීවිතේ

තිබෙන තුරා ජීවිතේ මගේ

ඔබ ඉන්නවා නම් මගේ හඳ ලඟින්

සිය වසරක් උනත් ඉන්නම් ඔබ වෙනුවෙන් මං මෙලෙසින්

ඔබ වෙනුවෙන්.... ඔබ වෙනුවෙන්.....

 

ඔබ වෙනුවෙන් පිදු ජීවිතේ

තිබෙන තුරා ජීවිතේ මගේ

 

අපි දෙන්නගේ ප්‍රේමාදරේ

දිවිය පුරා රකිමි ලදේ

කරදර බදා ආවත් මේ ජීවිත කලේ

ඔබ කියනා දේ මා අසනෙමි මිහිරි මා ලදේ

ඔබ සොයමින් එන්නම්

හඳ තුල සඟවන්නම්

ඔබ මයි මා සොදුරු ප්‍රිය කතේ

 

ඔබ වෙනුවෙන් පිදු ජීවිතේ //

තිබෙන තුරා ජීවිතේ මගේ //

 

ඔබේ හදේ රැදුනු අපේ ආදරයේ

දිවිය තියන තුරා ඉදිමු ආදරයෙන්

එන්න යන්න මා එක්කල ජීවිතයේ

දිවියේ රැකෙමු අප දෙදෙනා ආදරයෙන්

අපේ ලොවේ කැකුළ පිපි සතුට අරන් පුතුද ඇවිත් දැන් නම් සතුටයි මේ අපේ මිහිරි ජීවිතයේ

 

ඔබ වෙනුවෙන් පිදු ජීවිතේ

තිබෙන තුරා ජීවිතේ මගේ

ඔබ ඉන්නවා නම් මගේ හඳ ලඟින්

සිය වසරක් උනත් ඉන්නම් ඔබ වෙනුවෙන් මං මෙලෙසින්

ඔබ වෙනුවෙන්.... ඔබ වෙනුවෙන්.....

ඔබ වෙනුවෙන් පිදු ජීවිතේ

තිබෙන තුරා ජීවිතේ මගේ

තිබෙන තුරා ජීවිතේ මගේ

 

Singers : Sreekanth Hariharan and Madhura Dhara Talluri

Music by : A. R. Rahman

Tone: Unakaaga vaazha nenaikkiren

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

ඇයත් ඔහුත් දැන් කොතැනද?

ඇය දුප්පත් කමත් යුවතියකගේ හැගීම් වලත් වහලියක් විය.

ඔහු දුප්පත් කමත් යෞවන හැඟීම් වලත් වහලෙකු විය.

දෙදෙනා හමු විය. දෙදෙනා එක් විය, දෙදෙනාම ඔවුනොවුන්ට සරිලන චරිත රඟපාන්නට විය.

කාලය ගතවිය, ජීවිත දුරස් විය, දෙදෙනා රඟපෑ බව දෙදෙනාටම පසක් විය.

ඇයට අවස්ථා බොහෝවිය, ඔහුට අවස්ථාව ඇයගේ අවස්ථාවම විය.

ඔහු වෙහෙසිය, ඇය දුරස් විය. ඇයගේ අවස්ථාව ඔහුට වඩා හොඳ විය.

යොවුන් හැඟීම් ඇයව ඇයගේ අවස්ථාව වෙත ලං වීමට උදව් කළ ද, ඔහුට එය එසේ නොවීය.

ඔහු වෙහෙසිය. ඇය සිතින් වෙන් විය. ඔහු වෙහෙසිය. ඇය ගතින් ද වෙන් විය.

ඔහුට සංස්කෘතිය නීතිය විය. ඇයට නිදහස ජීවිතය විය.

දැන් දෙදෙනා ගන්දබ්බයින්සේ ජීවිත ගෙවයි.

 

වහලිය විය ඇය යෞවන සිත තුල

දුප්පත්කම ඇගේ නිදහස නැති කළ

වහලෙකු විය ඔහු යෞවන සිත තුල

ඔහු දුප්පත්කම වෙහෙසට පත් කළ

යෞවන හැගුමෙන් ඔහු ඈතට ගිය

දෙදෙනා හමු විය, දෙදෙනා එක් විය

ආලය වෙනුවෙන් රඟපෑමක් කළ

 

කාලය ගත විය, ජීවිත වෙන් විය

දෙදෙනා රඟපෑ නාටක නිම විය

ඇය දෙව් දුව විය, ඔහු අසරණ විය

ඔහුගේ ඉරණම ඇයගේ හඳ විය

 

ඇයගේ නිදහස ඇයගේ ඉරණම

ඇයගෙන් උදුරා ගන්නට සැරසිය

ඇය දීගෙක ගිය, ඔහු තව තනි විය

දීගෙය හැර ඇය නිදහස වෙත ගිය

 

දෙදෙනා අතහෙර ආලය පැන ගිය

දුසිරිත් ලං විය ජීවිත හිස් විය

තවමත් ඔහු ඇය දෙතැනක ඇත අද

එක්වෙන දිනයක මේ ගී අප හට.

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

Wehi bara ahasa kaluwara uni eka daaka

Thani tharuwatama yumu uni mage desa

Weu kandiye sitiyath maa nihadawama

Thun hitha mage wagei me gebi rena

 

Thanikama paaluwama huru u me mage diviya

Oba giya daa patan nisalai sith rena

Eliyak gene nam e oba mai maa mihira

Inna thena kiyan maa ennam vigasa

 

Atheethaye apa lada e aadaraya

Pamani ada meda maa haa thanikadawa

Obata dene nam me hitha thula bedi haada

Enna priya kathe maa wetha ikmanata

 

3-10-2019 20:30 Koobichchan Weva – Nearby new town guest

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

Mage Soduru Mihiraaviya

Kohe Athidei Danne Mama

Kohe Hitiyath Pinwanthiya

Lowa Dinanawa Saththai Hema Daatama

 

Pinwanthai Pembara Oba

Silwanthai Lassana Ruwa

Ahinsakai Oya Hitha Mata

Eliya Karan Maa Hadawatha

 

Apa Ipaduna Me Lowa Thula

Ekwa Gayamu Divi Geethaya

Perum Pura Mama Innam

Oba Enakam Hema Bawayaka

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

සංසාරේ සැමදා මා දිවි ඇති තුරා පැතුවේ ඔබයි

මේ ජීවේ ඔබ හා මා එක් වී ඉතින් යමු අපි ප්‍රියේ

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

සංගීතේ.... ජීවිතේ... සංසාරේ .... මේ භවයේ...

එක් වීලා.. අප සැවොමා... ගී ගයමු... යාළුවේ...

සතර කොනින් එකට බැදී ගයා වයා ඉමු සුහදේ..

දිවිය අපේ සතුට ඇතේ එය සොයලා යමු සුහදේ..

හාට් එකේ ෆීල් වෙලා අපි ඉන්නේ එකතු වෙලා...

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

සඳ හැංගිලා ඔබ හදේ මා ප්‍රියේ

ඔබ හැංගිලා මා හදේ සද වගේ

තරු පායලා ඔබ හදේ මා ප්‍රියේ

තරු හිනෙහිලා මා හදේ ඔබ වගේ

 

පන දෙන්න දැන් ඔබ නැතේ මා ප්‍රියේ

හද වත ඔබේ පාළුවෙන් තනි වුනේ

මා හද ලදේ ඔබට මයි ආදරේ

ඔබ මා හදේ ආදරෙන් ඉන්නවා මිහිරියේ

 

දිවිය පුරා පෙම් දමින් මා ලදේ

අපි ඉමු ඉතින් ආදරෙන් සොදුරියේ

ඔබ එනවා නම් යළි ඉතින් ජීවිතේ

හිදිනෙමි මෙමා හදවතේ ආදරෙන්

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

නෙළුම් කුළුන දකිනා විට මගේ මැණිකේ

නෙළුම් පොකුනේ දුටු ඔබේ රුව සිහිවන්නේ

නෙළුම් පොකුණ අද නැතිවද හද අරනේ

නෙළුම් කුළුනේ මා තනි කර ඔබ යන්නේ

 

පැතූ නෙළුම් මල් සැමදා මා මනසේ

ඔබේ සුසුම් සිහි කරමිනි වැලපෙන්නේ

නෙළුම් මලක් අතින් අරන් මගේ මැණිකේ

නෙළුම් පිපිනු හද අරනට වඩිනු මැනේ

 

නෙළුම් කුළුනේ තනි වූ මා ආදරියේ

ඔබේ නමින් සැමදා මෙහි තනි වෙන්නේ

ඔබ එනවා නම් යලි මා හද අරනේ

නෙළුම් මලක් සේ ඔබ මා රැක ගන්නේ

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

මුතු කණ්ඩිය වැව්තාවුල්ලේ

මිතුරු කැලක් සමඟින් සංගීතයෙන්

මුසපත් උනු මොහොතේ

ඔබ රුව වැව්තාවුල්ලේ මැවී පෙනුනා රත්තරනේ

 

ඔබ කොහිදෝ මා ප්‍රියාදරී

ඔබව සොයමි මා මේ මුළු දිවියේ

 

පදවිය වැව නම් මා මේ ඉන්නේ

ගයනෙමි ගී ඔබට ඇසෙන්නට

 

ඒත් ඔබ නෑ අද මා ලග

මා සෙනෙහෙ වන්තියේ  

ඔබට මිසක නෑ වෙන කෙනෙකුට මා හඳ ප්‍රේමේ

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

කූබ්ච්චන් වැව් පාමුල හිදගෙනම

මං සෙව්වා මගෙ මිහිරි ලොවේ

අවුරුදු කාලය ඇවිදින් යනවා

පාළුව තනිකම රැදුනු ලොවේ

 

ජීවිත කාලෙම මගෙ හඳ පත්න්නේ

ඔබ විතරයි මගෙ පෙම් අරනේ

බක් මහ අකුණක් වාගෙයි ඔබෙ පෙම

මා අතහැර ගිය සදිසි ලදේ

 

පෙම්දම් ගෙතුවා මා ඔබ එක්වී

දැනුනේ නෑ ඔබෙ වෙනස හදේ

ජීවිත කාලෙම තනිවී ඉන්නම්

ඔබ එන තුරු යළි මගෙ ජීවේ

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

අමතක වෙන්නේ නෑ මට අමතක වෙන්නේ නෑ

ඔබ රුව මිහිරියේ මට අමතක වෙන්නේ නෑ

අමතක වෙන්නේ නෑ මට අමතක වෙන්නේ නෑ

ඔය හිත මිහිරියේ මට අමතක වෙන්නේ නෑ

 

කොතරම් දුරට ගියමුත්

කොතරම් දුරින් සිටියත්

ආදරෙයි සෑමදා

හිදිමි යළි එනතුරා

 

තනිකමයි පාළුවයි ජීවිතේ රජ කලේ

ඔබව හැර වෙන කෙනෙක් පතන්නෑ මා යළිත්

ඔබේ ඒ ආදරේ සිහිවෙනවා සැම දිනේ

දිවිය තියනා තුරා ඔබටමයි ආදරේ

 

කොතරම් දුරට ගියමුත්

කොතරම් දුරින් සිටියත්

ආදරෙයි සෑමදා

හිදිමි යළි එනතුරා

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

මගේ ආදරී ආදරෙයි සැමදා

ජීවිතේ තියනා තුරා

මතු එන සසරේ පුරා

මගේ ආදරී ආදරෙයි සැමදා

 

සංසාරේ ඔබ එක්ක පැතු ඒ සිතුම්

ගිම්හානේ අප එක්ක වෙන්වී ගොසින්

ජීවිතයේ හැමදාම ඔබගේ නමින්

පෙම් කරමි මගේ දෑස පියවී ගියත්

 

සුන්දරම අප ප්‍රේමේ පතමි යළිත්

ඔබ එක්ක නෑ තරහා මා සිත් ඉතින්

දිවි ගෙවමු අපි එකට සෙනහි තුටින්

පෙම් කරමු අපෙ දෑස පියවී ගියත්

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

ආදරයේ දවසේ දෙදෙනා

සොදුරු පැතුම් පුරවා සිටියා

අදුරු රැයක් එ් බව නොදැනා

සද අදුරින් සගවා තැබුවා

 

අප පෙම් කතාව අසනු මැනේ

පෙම් ලොව සිනාව දෙනු දෙවිදේ

ජීවිතයේ ඉරණම් ගමනේ

එක්වී අප යමි සංසාරේ

 

මිහිරියේ ජීවය දෙන්න අනේ

ඔබේ පෙම් කුමරා මමයි ලදේ

ඔබ මිස වෙන නෑ සැපතක් මාහට

එක් වී හිනැහෙමු අප දෙදෙනා

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

නිවසට පැමිණෙන තෙක් ඔබ මා හට

කෙටි පණිවිඩ එවු එදවස මතකයි

හිරිමල් වැස්සේ තෙමෙමින් එදා මා

ඔබගේ හමුවීම සිහිපත් කර හැටි මතකයි

 

සිත පුරා පෙම් කළේ යන්න නොව කිසිදා

ආදරෙයි රත්තරං මගේ පණටත් වඩා

කුලුදුල් මගේ ආදරයයි සදාකල් ඔයා

අමතක නොකරමි මියෙන මොහොතේ පවා

 

ඡිවිතේ එක් මොහොතක මා

හම් වුනොත් ඔබේ නෙත් අභියස

නවතාලනු මැන නොයන ලෙසට මා

නවතින්නමි ඔබේ දෙපා අද්දර

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

වතුර ඩිංග ඩිංග එකතු වෙලා හැදෙන පුංචි කන්ද

සතුට ඩිංග ඩිංග එකතු වෙලා සෙනෙහේ පවුර

දුකම ඩිංග ඩිංග එකතු වෙලා හැදෙන ශෝක ගින්න

ඔබට පුළුවන් නම් ඇවිත් නිවන් මගේ සෙනෙහේ ගින්න

 

ඔබම මිසක අන් සැපතක් මෙලව ඇත්තේ නෑ මට

ඔයා තමයි මිහිරියේ මගේ සිහින ලෝකේ රැජිණිය

සතුට ගෙනා කිරිල්ලී යන්න ගියා ඉගිල්ලී

සොයා දෙන්න පුළුවන් නම් මගේ සෙනෙහේ කිරිල්ලී

 

ඔයා නැතිව තනි වෙන්නම් මගේ පුංචි කාමරේ

මිහිරි මිසක අන් සැපතක් කොහේ ඇත්තේ ජීවිතේ

කොහේ ඉදන් හෝ ඇවිදින් මගේ පුංචි කාමරේ

ලැගුම් ගන්න මිහිරියේ මගේ සෙනෙහේ පිරුනු හදවතේ

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

පෙමින් බැදෙන අය පෙමින් බැදෙද්දී

සුවද විදින අය සුවද විදිද්දී

දිවිය ගෙවන අය සතුටින් ඉද්දී

අපි දෙන්නා අද තනිවී මිහිරි

 

පෙම් කළ ලෝකේ සිහියට එද්දී

දිවියේ විදි සුව මතකෙට එද්දී

මා ඉන්නවා අද ඔබ මෙහි එද්දී

කාලය ගෙවෙනවා ඇගිලි ගනිද්දී

 

සුන්දර ඔබ රුව යලි යලි දකින්න

පිං කරනවා මම ජීවිතයෙම අද

මිහිරියේ වඩින්න තව කල් නොගන්න

කවදාවත් නෑ මා සිත් තැව්ල්ල

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

භාවනාව පුරුදු වෙන්න හිත හදා ගත්වෙලේ

ඔබට හදපු මල් කළබේ සුවද විසිරුනා හදේ

ජීවිතයක අරුත කියාදුන් ඔබ මා ආදරේ

මිලින වෙලා සිව් වසරක් වෙන්න එනවා මිහිරියේ

 

අපේ බුදුන් අපිට කියා දුන් ඒ ගුණ සාගරේ

සිහිකරමින් සතුටු සිතින් ජීවත් වෙමු මා ප්‍රියේ

 

පිංවන්තයි ඔබ මා හට

ඔබ හැර වෙන සිත් නෑ මට

සංසාරේ ඔබමය රුව

එන්න මිහිරි යළි මා වෙත

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

අට වසරක් මා පෙම් කළ මිහිරිය

අතිනත ගත්තේ හදිසියෙනී

ජීවිතයේ ආ අභිමන් හමුවේ

අතිනත ගත්තේ වැළපෙමිනී

 

සොම්නස සෝදුක අප හට උරුමයි

නැත වෙනසක් අප දිවි ගමනේ

කොපමණ බාදා ආවත් නොසැලී

ඉමු අපි මිහිරියේ සිනා සෙසී

 

ඔබ මිස වෙන අය ගැන නෑ මා සිත

දිව යන්නේ කිසිදා මිහිරි

දිවියම ඔබටයි මා කැප කරන්නේ

සංසාරෙම මේ ලෙස එක්වී

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

ආදරේ නිසා හදවත ඔබට පුද කලා

ජීවිතේ ගෙවෙයි තනිකම හඳවතින් වෙලා

ඔබම මිසක අන් සැපතක් මෙලව නැහැ කියා

කෑ ගසා කියයි මා සිත අඳුරකින් වෙලා

 

අපේ සිතුම් රැලි ආයෙත් එකට එක් වෙලා

ඉන්න තියනවා කාලය දිවිය ඇති තුරා

සංසාරේ සෑම දාම එලෙස එක්වෙලා

ඉන්න පතමු මිහිරියේ අප බුදුන් නැමදිලා

 

මගේ සිතේ පදිංචි උනු සොඳුරු සිතෙත්තී

යන්න ගියා මාව දාලා මගෙන් දුරස් වී

ගතින් වෙන් උනත් මේ ලෙස මිහිරි සිතෙත්තී

සිතින් යන්නේ නෑ කිසිදින සොඳුරු සිතෙත්තී

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

නොකා නොබීම ඉන්නම් මා ඔබ එනවා නම් සදා

හිතේ තියන දුක කියා දෙන්නම් ඔබට තුරුල් වෙලා

කුමරියේ එන්න මා සොයලා

කුමරියේ එන්න පියා සලා

 

ජීවිතය කියා දුන් අරුත ඔබයි

මාරුතේ හඩා වැළපුනේ ඔබට පමණයි

මිහිරියේ එන්න මා සොයලා

මිහිරියේ එන්න පියා සලා

 

සොදුරු හිතක් ඇති ඔය සුන්දර හිත

මගෙම වෙලා සැමදා

ජීවිතේ ගෙවමු අපි වසන්තයේ පිපි

සුවඳ මලින් සැරසිලා

මිහිරියේ එන්න මා සොයලා

මිහිරියේ එන්න පියා සලා

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

නින්ද යන්නේ නැහැ මට ඔයාව සිහි වෙනවා

ඔයා කොහෙද ඉන්නේ කියා මගේ හිත විමසනවා

ඉන්න හැකිය ඕන කලක් ඔබ එන කම් සොදුරී

මේ භවයේ පමණක් නොව සසර පුරා මිහිරි

 

නින්ද නේන රෑ පාමුල ඔබ හද උයනේ

හීන පුරන ප්‍රේම තනුව ඔබයි මිහිරියේ

ඇසට වරම් නෑ ඔබ ලග ඉන්නට සිත්සේ

ජීවිතයම පාළුයි අද මගේ ප්‍රේමයේ

 

ඔබට මිසක අන් කෙනෙකුට හිත නැහැ යන්නේ

ඔබම තමයි මා පැතු රුව මේ දිවි ගමනේ

එන්න ඉතින් දැන් මා වෙත හිටියා ඇතිනේ

සිංදු කියමු අපි දෙන්නා ඉස්සර වාගේ

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

දලා ගියත් මිහිරියේ ඔබ මා තනිකඩ වූ

දාලා ගියේ නෑ මා ඔබ කවදාවත් තනි වූ

දිවිය තියන තුරු මා පෙම් කලේ ඔබටය

මිලට නොවෙයි පෙම් කෙරුවේ හදවතටමය

 

එන්න ප්‍රියේ කවදා දෝ හදවතට මගේ

ඉන්නවා මං හැමදාමත් මේ සංසාරේ

ඔබට පමණී දිවියේ මෙලස ඉඩක් හිමි වුනේ

හිස්ව තියමි ඒ ඉඩ මම මේ සංසාරයේ

 

ඔබ දාලා ගියත් මා ගන අදුරේ

මා දාලා ගියේ නෑ කිසිම දිනේ

ඔබ එන්න ලදේ යළි මගේ දිවියේ

මං ඉන්නේ මසේ ඔබ නිසයි ප්‍රියේ

ගී පද රචනය: කේ. දිනේෂ් කුමාර


Stay tuned for more songs like this.

The Technology Video of The Day

Email Newsletter Subscription

Fill out the subscription form by providing your email address and name. Click on the "Subscribe" button to complete the process.


Receive HTML?

Thank you for choosing to stay updated with our latest news and offerings!
Joomla Extensions powered by Joobi
Go to top